ඉන්ධන නෞකා දෙකක් අද (19) ශ්‍රී ලංකාවට

0
294

ඉන්ධන රැගත් නෞකා දෙකක් අද (19) දිනයේ දී මෙරටට පැමිණෙන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.


අමාත්‍යවරයා සඳහන් කළේ එම නෞකා වල ඇති ඉන්ධන නිදහස් කර ගැනීම සඳහා ඩොලර් මිලියන 60 ක පමණ මුදලක් අවශ්‍ය වන බවයි.

කොළඹ සහ අවට ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් බොහෝමයක ඊයේ (18) ඉන්ධන නොතිබුණු අතර ඉන්ධන පිරවුම්හල් කළමනාකරුවන් පැවසුවේ දින තුනකින් පමණ ඉන්ධන තොග නොලැබුණු බවයි.

මිල ඉහළ යනු ඇතැයි බලාපොරොත්තුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන් ඉන්ධන නිකුත් නොකරන බව ද පාරිභෝගිකයෝ චෝදනා කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here