ඉන්ධන පිරවුම්හල් අසල භූමිතෙල් පෝලිම්

0
417

දිවයිනේ බොහෝ ඉන්ධන පිරවුම් හල් අසල අද දින දිගු පොලිම් දක්නට තිබෙනවා. හෙට පැවැත්වීමට නියමිත විදුලි වර්ජනය හේතුවෙන් විදුලිය ඇන හිටියහොත් ඊට මුහුණ දීම සඳහා මෙලෙස භූමිතෙල් මිලදී ගැනීමට පාරිභෝගිකයන් පැමිණ තිබෙනවා.

ඔරුගොඩවත්ත ඉන්ධන පිරවුම්හල අසල ද භූමිතෙල් මිලදි ගැනීම සඳහා දිගු පොලිම් දක්නට ලැබුණු අතර බදුල්ල සමූපකාර ඉන්ධන පිරවුම් හලෙන් භූමිතෙල් මිළදී ගැනීමට ජනතාව අද (2) උදේ සිට පෝලිමේ රැදී සිටිනු දක්නට ලැබුණා. දිවයිනේ ඇතැමි ඉන්ධන පිරවුම්හල් වල භූමිතෙල් මිලට ගැනීමට නොමැති බව ද පාරිභෝගිකයන් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here