ඉන්ධන මිල අද හෙට වැඩි නොකරන්නැයි ජනපති දැනුම් දෙයි

0
300

ඉන්ධන මිල දැන්ම වැඩි නො කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගනන් විශාල ලෙස ඉහල යාම සහ ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන අලෙවියෙන් දැඩි අලාභයක් ලබන බව බලශක්ති, ඇමති උදය ගම්මන්පිල මහතා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. එහිදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා ඉන්ධන මිල අද හෙට වැඩි නොකරන්නැයි දැනුම් දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here