Sunday, September 22, 2024

ඉන්ධන මිල වැඩිවුනාට යළිත් බස් ගාස්තු මිල ඉහළ දමන්නෙ නෑ

යම් අයුරකින් ඉන්ධන මිල ඉහළ ගියත් මගී ප්‍රවාහන බස් ගාස්තු ඉහළ දැමීමක් සිදුනොවන බව ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

බස් ගාස්තු ඉහළ දැමීම සඳහා අවසන් වරට පුද්ගලික බස් රථ සඳහා අවසරය ලබා දුන්නේ ඉන්ධන ගාස්තු ඉහළ ගියත් යළි බස් ගාස්තු ඉහළ නොදමන බවට සිදුවූ එකඟතාවය අනුව මත යැයි අමාත්‍යවරයා කීවේය.

ඒ මහතා මේ බව සඳහන් කරන ලද්දේ මහනුවර හින්දු සංස්කෘතික ශාලාවේදී ඉකුත්දා පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමිනි.

ඉන්ධන හා අමතර කොටස් මිල ගලපා ගනිමින් බස් ගාස්තු සංශෝධනය කිරීමේ මිල සූත්‍රයක් ක්‍රියාත්මක බවත් ඒ අනුව ගාස්තු වැඩි කිරිමක් සිදු කිරීමේදී සූත්‍රයට අනුකූලවම එය සිදු නොකර ජනතාවට යම් සහනයක් ලබා දීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා කීවේය.

එවැනි වැඩි කිරීමක් සඳහා අවසර ලබා දුන්නේ නැවත ඉන්ධන මිල ඉහළ ගියහොත් ගාස්තු ඉහළ දැමීමක් නොකරන බවට බස් හිමියන් එකඟතාවකට පැමිණි නිසා බවත් මේ හේතුවෙන් නැවත බස් ගාස්තු ඉහළ යෑමක් සිදු නොවන බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles