Saturday, January 18, 2025

ඉන්ධන මිල වැඩි කරන්නේ නෑ

ජාත්‍යන්තර වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක මිල පසුගිය දෙසැම්බර් 20 දා සිට මේ වනතෙක් සියයට 38 කින් ඉහළ ගියද මෙරට ඉන්ධන මිල වැඩි නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පැවසීය.

දකුණු ආසියාවේ අඩුම ඉන්ධන මිල ගණන් පවතිනුයේ ලංකාවේ බවද මෙරටට වඩා ඒකපුද්ගල ආදායම අඩු ඉන්දියාවේත් ඞීසල් මිල මෙරට මිල මෙන් දෙගුණයකටද වඩා වැඩි යැයිද හෙතෙම පැවසීය.

ලෝක මට්ටමින් ගත් කළ ඉන්ධන මිල අඩුවට පවතින 22 වැනි රට ලංකාව යැයිද ඊට උඩින් ඇති රටවල් 21 ම යහමින් තෙල් නිෂ්පාදනය කරන රටවල් යැයිද ඇමැතිවරයා සඳහන් කළේය.

මේ අතර 2014 වසරෙන් පසුව ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලය මිල පළමු වතාවට ඩොලර් 100 ඉක්මවා ගොස් තිබේ.

එ අනුව බ්‍රෙන්ට් බොරතෙල් දර්ශකය අනුව බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 101. 5ක් දක්වා අද(24) දිනයේදී ඉහළ ගොස් තිබේ.

රුසියාව හා යුක්‍රේනය අතර පවතින අර්බුදකාරී තත්ත්වය මේ සඳහ හේතුව වී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles