ඉන්ධන මිල වැඩි කළා මදිලු තවත් වැඩි කරන්න ඔිනෙලු

0
515

පෙරේදා රාත්‍රියේ ඉන්ධන මිල වැඩි කළාට වඩා වැඩි ප්‍රමාණයකින් ඉන්ධන මිල ඉහල දැමිය යුතු බව යුතුව තිබේ.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත යොමු කරන ලද ලිපියකින් ඒ බව පැහැදිලි වෙයි.

ඔහු පෙන්වාදී ඇත්තේ පවතින අර්බුදය හමුවේ පෙට‍්‍රල් රුපියල් 35කින්, ඩීසල් රුපියල් 24කින්, භූමිතෙල් රුපියල් 11 කින් වැඩි කළ යුතු බවයි.

නමුත් ඊයේ රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබුණේ පෙට‍්‍රල් රුපියල් 20කින්, ඩීසල් රුපියල් 10කින්, භූමිතෙල් රුපියල් 10 කින් ලෙසයි.

ඉන්ධන පරිභෝජනය අඩු කර විදේශ විනිමය රැක ගැනීමේ පියවරක් ලෙස මෙම මිල ඉහළ දැමීම් මහ බැංකුව විසින් නිර්දේශ කර තිබිණි.

ඉන්ධන මිල වැඩිකිරීමේ ප්‍රමුඛම හේතුවක් වූයේ ඉන්ධන සඳහා ඇති ඉල්ලුම අඩු කරගැනීම බව මහබැංකු අධිපතිවරයා පවසයි.

“මෝටර් සයිකල් 1000 යන අය බස්වල යයි… අයෙක් ගමන් සීමා කරයි. කීප දෙනෙක් එකතුවෙලා එක ගමනක් යයි. විසඳුම සොයන්න පරිභෝජනය අඩු කළ යුතුයි. “ මහබැංකු අධිපතිවරයා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here