ඉන්ධන මිළ ඉහලට

0
629

ඉන්ධන මිල සංශෝධනය කිරීම සඳහා වියදම් කමිටුව විසින් අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව එම මිල සංශෝධනය කරන දිනය නුදුරේදිම දැනුවත් කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

ලෝක වෙළඳපොලේ මේ වන විට ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇතත් මාස විසි එකක් පුරා ඉන්ධන මිල සංශෝධනය නොකර නොකිරීමට රජය කටයුතු කළ බවද ඔහු පවසයි.

නමුත් රජය තවදුරටත් මේ දැවැන්ත අලාභය දරාගත නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවද ඒ මහතා පැවසීය.

දැනටමත් ණය ගෙවා ගත නොහැකි අවදානම් තත්වයකට තෙල් සංස්ථාව පත්වී ඇතැයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here