ඉන්ධන ලැබුණත් ඊයේ අක්‍රිය වූ කැලණිතිස්ස

0
295

කැලණිතිස්ස තාප විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක් ඊයේ රාත්‍රී හදිස්සියේ අක්‍රීය වී තිබෙනවා.එම යන්ත්‍රය ක්‍රියාත්මක වනඅවස්ථාවේ ඉන්ධන වල ඇති වූ යම් ගැටලුවක් හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වුණේ.මෙම ජනන යන්ත්‍රය සඳහා භාවිත කරනු ලැබූ ඉන්ධන වල තත්වය සම්බන්ධයෙන් යම් සැකයක් පවතින බවත් ඒ සම්බන්ධයෙන් මේ වන විට වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි අදාළ බලාගාරය භාර ඉංජිනේරුවන් සඳහන් කර ඇත්තේ.
මෙලෙස අක්‍රිය වී ඇත්තේ කැලණිතිස්ස විදුලි බලාගාරය පිහිටි ජී ටී 7 ජනන යන්ත්‍රයයි.

එමගින් ප්‍රධාන පද්ධතියට එක්කරන ධාරිතාවට මෙගා වො⁣ට් 115 ක් වෙි.කෙසේ වෙතත් වෙතත් මෙම ගැටළුව හේතුවෙන් මේ වනවිට ප්‍රධාන පද්ධතියට බාධාවක් නොමැති බවත් විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය නොවන බවද විදුලිබල මණ්ඩලය සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here