ඉන්ධන සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙන්න – මහ බැංකුව රජයෙන් ඉල්ලයි

0
305

ඉන්ධන සඳහා මිල සූත‍්‍රයක් හදුන්වා දෙන ලෙස, ශ‍්‍රී ලංකා මහ බැංකුව රජයෙන් ඉල්ලා තිබේ. මහබැංකුව විසින් ඊයේ දිනයේ දී නිකුත් කරන ලද වාර්තාවකින් මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබෙන බව පැවසේ.

ලෝක වෙළද පොළෙහි ඉන්ධන මිල අස්ථාවර බැවින් එවැනි මිල සූත‍්‍රයක් කි‍්‍රයාත්මක කරන ලෙසයි ශ‍්‍රී ලංකා මහ බැංකුව ඉල්ලා සිටින්නේ.

“මෑත කාලීන ආර්ථික වර්ධනයන්, 2021 වසරේ විශේෂ අවස්ථා සහ 2022 වසරේ අපේක්ෂා” යන සිරස්තලයෙන් යුතුව, ශ‍්‍රී ලංකා මහබැංකුව ඉදිරිපත් කර තිබෙන වාර්තාව මගින්, දැනට පාඩු ලබන ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ස්ථාවරතාවය සහතික කිරීමට එවැනි මිල සූත‍්‍රයක අවශ්‍යතාවය අවධාරණය කර තිබේ.

යහපාලන රජය සමයේ දී එවකට මුදල් අමාත්‍යවරයා වූ මංගල සමරවීර මහතා ඉන්ධන සදහා මිල සූත‍්‍රයක් හදුන්වා දී තිබුණි.

එම අවස්ථාවේ දී එවකට විපක්ෂය වූ වත්මන් රජය, එම මිල සූත‍්‍රය දැඩිව විවේචනයට ලක් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here