ඉන්ධන සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය කූපන් ක්‍රමයකට නිකුත් කරන්න – වාසුගෙන් යෝජනාවක්

0
293

අඩුආදායම්ලාභී ජනතාව සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කූපන් ක්‍රමයකට ලබාදෙන ලෙස අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.

එමෙන්ම තෙල් භාවිතය කූපන් ක්‍රමයක් අනුව සලාක ක්‍රමයකට නිකුත් කිරීමට කටයුතු කරන ලෙසත් එමගින් තෙල් භාවිතය අඩුකරගන්න පිළිවෙළක් සොයා බලන ලෙස අමාත්‍යවරයා පවසයි.

“ආණ්ඩුව අමාරු කාලයකට මුහුණ දී තිබෙන්නේ. ඒ නිසා මජනතාවටත් එක්තරා අමාරුකම්වලට මුහුණදෙන්න වෙලා තිබෙනවා. ඔවුන්ගේ කලකිරීම ඉවත්කර ගැනීමට අවශ්‍ය විශ්වාසයක් ලබාදෙන්න අපි ලෑස්ති.

අපි යෝජනාකරනවා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩුආදායම්ලාභී ජනතාවට අඩුමිලකට කූපන් ක්‍රමයකට ලබාදෙන්න කියලා. ඒ වගේම තෙල් භාවිතය කූපන් ක්‍රමයක් අනුව සලාක ක්‍රමයකට නිකුත් කිරීමට ක්‍රියාකරන්න. එමගින් තෙල් භාවිතය අඩුකරගන්න පිළිවෙළක් බලන්න.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here