ඉන්ධන සැපයුම සීමා කෙරේ!

0
831

දිවයින පුරා පිරවුම්හල්වලට ඉන්ධන බෙදාහැරීම සීමා කර ඇති බව නෙත් නිවුස් නිවුස් වෙත වාර්තා වුණා. ඉන්ධන සදහා ඉල්ලුම ඉහළ යාම ඊට හේතුව බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරංචි මාර්ග සදහන් කළේ. 

සාමාන්‍යයෙන් පෙට්‍රල් සදහා දෛනික අවශ්‍යතාව තිබුණේ මෙට්ට්‍රික් ටොන් 5,000 ක්. එහෙත් ඉකුත් දින කිහිපයේ දෛනිකව පෙට්‍රල් අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් 8,000 ක්ව පැවති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ආරංචි මාර්ග පැවසුවේ. ඊට හේතුව වී ඇත්තේ ඇතැම් පිරිස් අනවශ්‍ය ලෙස පෙට්‍රල් එක්රැස් කර ගැනීමයි. ඒ අනුව දෛනිකව මෙට්ට්‍රික් ටොන් 4,000 බැගින් පෙට්‍රල් බෙදාහැරීමටයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන ඇත්තේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here