Friday, September 20, 2024

ඉන්ධන හිඟයක් නෑ – ඇමති ගම්මන්පිලගෙන් සහතිකයක්

රට තුළ ඉන්ධන හිඟයක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

එමෙන්ම දින 50 ක් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට තීරණය කළ ද රටට කිසිදු පාඩුවක් සිදු නොවන බවද අමාත්‍යවරයා කියා සිටියා.

රටෙි ඩොලර් අර්බුදය බරපතළ බැවින් මෙම තීරණය ගැනීමට සිදු වුව ද හැකි ඉක්මනින් පවතින තත්වය සාමාන්‍ය අතට හැරෙනු ඇති බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

බොර තෙල් පාවිච්චි කරන්නේ තෙල් සංස්ථාව පමණක් බැවින් රටේ තෙල් සැපයුමට කිසි සේත්ම බල නොපාන, තෙල් සංස්ථාවට පමණක් බලපාන අභ්‍යන්තර කාරණයක් බවත් අමාත්‍යවරයා අවධාරණය කළා.

මේ තෙල් පිරිපහදුව වසර 51ක් පරණයි. ඒ නිසා මෙහි 37%ක් නිශ්පාදනය වෙන්නේ දැවි තෙල් සහ නැප්තා. තවත් 19%ක් නිශ්පාදනය වෙන්නේ ගුවන් යානා ඉන්ධන හා භූමි තෙල් . පෙට්‍රල් සහ ඩීසල් නිශ්පාදනය වෙන්නේ 43%යි. මේ දිනවල අධික වැස්ස හේතුවෙන් විදුලි නිශ්පාදනයෙන් සියයට පනහකට වැඩි ප්‍රමාණයක් සිදු කරන්නේ ජලයෙන්. ඒ නිසා දැවි තෙල් අවශ්‍යතාවක් නැති බව විදුලි බල අමාත්‍යාංශය අපිට දැනුම් දී තිබෙනවා.

ඒ වගේම ගුවන් යානා පැත්තෙන් ගත්තොත් කෙටි දුර ගමන් යන ගුවන් යානාවලට ගමන ආරම්භ කරන ස්ථානයෙන් තෙල් ලබා ගෙන එන්න පුළුවන්. දුර ගමන් යන ගුවන් යානාවලට තමයි කොළඹින් තෙල් සැපයීම අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මේ දිනවල අධික ඉල්ලුමක් නැති දැවි තෙල් සහ ගුවන් යානා තෙල් සියයට පනස් හයක් නිශ්පාදනය කරන බොර තෙල් ආනයනය නතර කර ඒ වෙනුවෙන් වැය වෙන සීමිත විදේශ විනිමය පෙට්‍රල්, ඩීසල්, ඖෂධ, අත්‍යාවශ්‍ය ආහාර, ගෑස් වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩවලට යොමු කර ගැනීමට පුළුවන් කම ලැබෙනවා.”

මෙි අතර සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමුව ද කිසිදු අවස්ථාවක ඉන්ධන හිඟයක් ඇති නොවීමට වග බලා ගැනීමට රජය පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඊයේ සිට වසා දැමීමත් සමඟ රට තුළ ඉන්ධන හිඟයක් මතුවිය හැකි බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ඊයේ අමාත්‍ය මණ්ඩලයේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles