ඉන්ධන හිඟය උග්‍රවෙයි – ප්‍රමාණවත් තෙල් නැතැයි සංස්ථාව කියයි

0
554

සපුගස්කන්ද තෙල් පිරිපහදුවට නොවැම්බර් 11 වැනිදා සිට මාසයක කාලයක් බොර තෙල් නොලැබීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වෙයි.

පිරිපහදුවේ මේ වනවිට පවතින බොරතෙල් ප්‍රමාණවත් වන්නේ නොවැම්බර් 11 දින දක්වා පමණක් බවත් බොරතෙල් නැවක් මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 14 වෙනි දින බවත් ප්‍රකාශ කරන වෘත්තිය සමිති නියෝජිතයන් සඳහන් කරනුයේ සත්‍ය වශයෙන්ම ලංකාව තුල ඉන්දන අර්බුදයක් තිබෙන බවත් එය සැඟවීමට කොතරම් උත්සය ගත්තත් ඉදිරියේදී එය හෙලිවීම වැලැක්විය නෙහැකි බවයි.

මේ අතර පැමිණෙන්නට තිබූ බොරතෙල් තෙල් නැව මෙතෙක් නොපැමිණිම හේතුවෙන් මේ වන විට කොළොන්නාවේ ගබඩාකර තිබූ ඩීසල් සහ පෙට්‍රල් අවසන්ව ඇතැයි ද මුතුරාජවෙල ගබඩාවේද තිබෙන්නේ පෙට්‍රල් පමණක් බව කී ඔහු බොරතෙල් ධාරිතාවද උපරිමයෙන් අඩුවී ඇතැයි ද සඳහන් කලේය.

ඩොලර්වලට මාරු කිරීමට නොහැකිවූ නිසා සංස්ථාවේ රුපියල්වලින් මුදල් ඉතිරිව තිබෙන අතර සංස්ථාව ලංකා බැංකුවට සහ මහජන බැංකුවට දැවැන්ත ණය මුදලක් ගෙවීමට ඇති නිසා බැංකුවලින් ඩොලර් ගැනීමට නොහැකිව ඇතැයිද සංස්ථාවට ලබාදීමට භාණ්ඩාගාරය සතුවද ඩොලර් නැතැයි කී ඔහු මුදල් එකතු කර එක් ඉන්ධන නැවක් ගෙන්වද්දී රටේ බෙදාහැරීම අඩපණ වන බව ද ඔහු සඳහන් කරයි.

​මේ අතර මෙලෙස ඉන්දන හිඟයත් සමග අද දිනයේ බොහෝ ඉන්දන පිරවුම්හල් අසල දිගු පෝලිම්ද දක්නට ඇතැයි වාර්තා වෙයි.

Janamaga

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here