Monday, September 23, 2024

මට ඉන්නේ සම්බන්ධීකරණ ලේකම්වරු දෙන්නයි” කිරිඇල්ලට තදවෙයි

“ඔයාට සිංහල තේරෙන්නෙ නැද්ද? මං ඔයාට කිව්වනෙ. ඉන්නේ සම්බන්ධීකරණ ලේමට කම්වරු දෙන්නයි” -කිරිඇල්ලට තදවෙයි – දුරකථනය විසන්දි කරයි:,

අධ්‍යාපන හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා උපදේශකවරුන් 56දෙනෙකු සහ සම්බන්ධීකරණ ලේකම්වරුන් 94දෙනෙකු පත්කරගැනීම සම්බන්දයෙන් ජනතා විමුකති පෙරමුණේ නායක විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා මාධ්‍ය හමුවකදී හෙළිදරුව් කර සිටි අතර ඒ සම්බන්ධයෙන් කිරිඇල්ල අමාත්‍යරවයාගෙන් විමසූ බීබීසී සිංහල සංදේශයේ මාධ්‍ය වේදී තිසර රතුවිතානට අමාත්‍යවරයා කෝපගත් ස්වභාවයකින් අමතා දුරකථනයද විසන්දි කර තිබේ.

ඒ බව බීබීසී සේවය පළ කරණ හඬපඨයෙන්ද සනාත වන අතර එක්සත් ජාතික පාක්ෂිකයන් වසර ගණනාවක් රැකියා නොමැතිව බලා සිටි බැවින් ඔවුන්ට රැකියා ලබාදීම සඳහා තමන් ක්‍රියා කළ බවද අමාත්‍යවරයා එහිදී පවසා සිටී.

“අපේ රටේ තරුණ පරම්පරාව විරැකියාවෙන් පෙළෙනවා. පසුගිය පාලන සමයේ ඒ තරුණ තරුණියන්ට රැකියා ලබා දෙනවා වෙනුවට නිල් බලකාය නමින් අටවා ගත් සංවිධානය හරහා තමයි සාමාජිකයන්ට රැකියා ලබා දුන්නේ. එම තත්වය තමයි රටේ ජනතාව පරාජය කළේ. දැන් කිරිඇල්ල ඇමතිවරයා කියනවා ඔහු රැකියා ලබා දුන්නේ එජාප සාමාජිකයන්ට කියල. මේ ආණ්ඩුවේ ලේබලය බවට පත් වෙලා තිබුනේ යහපාලනය. යහපාලනය කියන්නේ තමන්ගේ ආධාරකරුවන්ට රස්සා දෙන එක නෙමෙයි. තරුණයන්ට රැකියා ලබා දීමේ විධිමත් ක්‍රම වේදයක් තිබිය යුතුයි. තමන් යහපාලනය කියල එල්ලන් ඉන්නේ බෝඩ් ලැල්ලක් කියල කිරිඇල්ල මන්ත්‍රීවරයා විසින්ම ඔප්පු කරල තියෙනවා.” යැයිද අනුර දිසානායක මහතා සඳහන් කරයි.

තමන් හෙළිදරව් කළ කරුණු ප්‍රතික්ෂේප කරන්නේනම් එයට අභියෝග කළ හැකි ලිඛත සාක්සි තමන් සතුව ඇති බවත් මෙය කිසිසේත්ම රටට උහුලාගත හැකි වියදමක් නොවන බවත් ජවිපෙ නායක අනුර දිසානායක මහතා වැඩිදුරටත් පවසයි.

මූලාශ්‍ර බීබීසී සිංහල

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles