Saturday, January 25, 2025

ඉබියතුරු කඩා පාසල පටන් ගනී

කොරොනා වසංගතය හේතුවෙන් වසාදමා තිබු රත්කරවිව මාලිගාතැන්න ප‍්‍රාථමික පාසැල ආරමිභ කිරිමට විදුහල්පතිවරයා නොපැමිණිම නිසා ගුරුවරයකු පාසල් ප‍්‍රධාන දොරටුවේ ඉබියතරු කඩා ළමුන් ඇතුලත්කර අධ්‍යාපන කටයුතු ආරමිභ කළේය.

ළමුන් 200 අඩු පාසල් අද දින සිට විවෘත කිරිමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගත්තේය.

වැලිමඩ මාලිගාතැන්න ප‍්‍රාථමිකයේ ගුරුවරයකු වන වැලිමඩ ඌවපරණගම ගුරු එකමුතුවේ සභාපති ජී.එමි.පී.එන්.ගජසිංහ මහතා, ප‍්‍රධාන දොරටුවට යොදා තිබු ඉබියතුරු යකඩ ඉන්නක් භාවිතාකර කඩා දමන ලදි.

ඉන්පසු සේවයට පැමිණි ගුරුවරු ගුරුවරියන් 04 දෙනකු සමග  ආගමික වතාවත් ඉටුකරමින් ඉගැන්විම් කටයුතු ආරමිභ කරණු ලැබුහ.  වැලිමඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා දුරකථනය මගින් දැණුවත් කිරීමෙන් අනතුරුව ඔහු මේ ආකාරයට ඉබි යතුරු කඩා පාසලේ කටයුතු ආරම්භ කළේය.

පාසලේ ආරක්ෂාවට ඉබියතුරු දමා වසා තිබුන ප‍්‍රධාන දොරටුට බලහත්රකායෙන් විවෘතකර ඇතුලූවිමට එරෙහිව   එහි විදුහල්පති ඩබිලිවි.ඇමි. ගුණවර්ධන මහතා පොලිසිය පැමිණිල්ලක් කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles