Tuesday, December 24, 2024

ඉබි යතුරු කඩා පාසල් විවෘත කිරීමට කටයුතු කළහොත් උසාවි යනවා – ස්ටාලින් කියයි

පාසල් නැවත අද (21) ආරම්භ කරනු ලැබුවත් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අද සහ හෙට පාසල්වලට නොපැමිණෙන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා දිවයින පුවත්පතට පවසා තිබේ.

ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ලබන සඳුදා (25) සිට සේවයට වාර්තා කළ ද දිවයින පුරාම එදින සවස විරෝධතා දැක්වීමට කටයුතු කරන බවත් ඒ මහතා කීවේය.

රජයේ විවිධ මැති ඇමැතිවරුන්, ආණ්ඩුකාරවරයකු, ගුරු විදුහල්පතිවරුන්ට විවිධ තර්ජන කරමින් සිටින බවත් ඒවාට බිය නොවන බවත් කී ස්ටාලින් මහතා යම්කිසි පාර්ශ්වයක් විසින් ඉබි යතුරු කඩා පාසල් විවෘත කිරීමට කටයුතු කළහොත් ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව ද පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles