ඉබෝලාට සමාන “මාබරග්” අප්‍රිකාවෙන්.

0
363

මාරාන්තික ඉබෝලා වෛරස කාණ්ඩයට අයත් වන ‘මාබර්ග්’ නැමැති වෛරසය අප්‍රිකානු ගිනියා රාජ්‍යයෙන් වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය අගෝස්තු 2 වනදා රෝගාතුරව මියගිය ගිනියා ජාතිකයින්ගේ රුධිර සාම්පලවලින් මෙම වෛරසය හමු වූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එය පැතිරීම වැළැක්වීම සඳහා පියවර ගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අප්‍රිකානු කලාපීය අධ්‍යක්ෂ මට්ෂිඩිසෝ මොයෙටි ප්‍රකාශ කර තිබේ.

මෙම මාබර්ග් වෛරසය වැළඳීමෙන් මරණයට පත්වීමේ සම්භාවිතාව 88% ක තරම් ඉහළ අගයක් ගන්නා අතර මෙම වෛරසය කොවිඩ් මෙන් වවුලන්ගෙන් සහ වඳුරන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන වෛරසයක් ලෙස හඳුන්වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

මෙම වෛරසය මිනිසාගෙන් මිනිසාටද සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් ඇති අතර වෛරසය ආසාදිත පුද්ගලයෙකුගේ රුධීරය, ස‍්‍රාවයන්, පටක මගින් මෙය බෝ විය හැකි යි.

වෛරසය ආසාදනයෙන් දින 2 – 21 අතර රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර, තද උණ, තද හිසරදය, පාචනය, වමනය ඒවා වනවා. 5 වන දිනය පමණ වන විට සිරුරේ විවර සහ විදුරුමසින් රුධිර වහනය ඇරඹිය හැකි අතර 7 වන දිනය පමණ වන විට රෝගියා කම්පනයෙන් මියයෑම සිදු වන බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here