ඉම්රාන් ඛාන් කසය අතට ගනී – පැන්ඩෝරා ලේඛනවල නම් සඳහන් සියලු පකිස්තානුවන් ගැන විමර්ශන

0
352

මහා පරිමාණ මුල්‍ය වංචා සම්බන්ධයෙන් හෙලිදරව් කරමින් නිකුත් වී තිබෙන පැන්ඩෝරා ලේඛනවල නම් සඳහන් පකිස්තානු ජාතිකයන් පිළිබඳව කඩිනමින් විමර්ශන පවත්වන බව පකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පවසනවා. ඒ සම්බන්ධයෙන් ජනතාවට ප්‍රතිඥාවක් ලබාදෙමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කරන අගමැතිවරයා සඳහන් කරන්නේ කිසියම් පුද්ගලයෙකු වැරදි ක්‍රියාවක නිරත වී ඇතැයි ඔප්පු වුවහොත් ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවයි.

ලොව පුරා සිටින රාජ්‍ය නායකයින්, දේශපානඥයින්, ධනවතුන් සහ බලවත් පුද්ගලයින් විසින් සිය අනන්‍යතාවය සගවමින් සිදුකරනු ලැබු මුදල් විශුද්ධිකරණ සිදුවීම් සම්බන්ධයෙන් ගවේෂණාත්මක හෙළිදරව් කිරීමක් සිදුකිරීමට අමෙරිකාවේ වොෂින්ටන් හි පිහිටි ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංගමය සමත්ව තිබෙනවා.

මිලියන 12 කට අධික ලේඛණවලින් යුක්ත මෙම හෙළිදරව් කිරිම පැන්ඩෝරා පත්‍ර යනුවෙනුයි නම් කර ඇත්තේ.

මෙම ලිපි ගොනුවල වත්මන් සහ හිටපු නායකයින් 35 දෙනෙකුගේ සහ රාජ්‍ය නිලධාරීන් 300 කට වැඩි සංඛ්‍යාවකගේ නම් ඇතුළත්.

මෙහි පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ නම ඇතුළත්ව නොමැති නමුත් ඔහුගේ සමීපතමයන් පිරිසකගේ නම් අන්තර්ගතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here