Thursday, January 23, 2025

ඉම්රාන් ඛාන් ගේ ශ්‍රී ලංකා සංචාරයේදී වෙළෙඳ සහ ආයෝජන අවස්ථා පිළිබඳ සාකච්ඡා

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පෙබරවාරි 23 වනදා දිවයිනට පැමිණීමට නියමිතව  තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයකට අනුව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා මෙරටට පැමිණෙන බව විදෙස් කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේය.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සිය සංචාරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට සහභාගී වේ.

අරලියගහ මන්දිරයේ දී පැවැත්වෙන නිල සාකච්ඡාවලින් අනතුරුව පෙබරවාරි 23 වැනි දින ශ්‍රී ලංකා සහ පාකිස්තාන අග්‍රාමාත්‍යවරු  අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ ගෙන එන ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීමේ උත්සවයක මුලසුන හොබවනු ඇත.

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා මේ වසරේ සිය රටෙන් බැහැර නිරත වන පළමු නිල සංචාරයේ මෙය වෙයි.

රෙදිපිළි හා ඇඟලුම්, ඖෂධ, කෘෂි ආහාර වෙළෙඳ භාණ්ඩ, ක්‍රීඩා භාණ්ඩ, මැණික් හා ස්වර්ණාභරණ, වාහන අමතර කොටස්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ඉදිකිරීම් ද්‍රව්‍ය හා ශල්‍ය උපකරණ යන අංශවල ව්‍යාපාරිකයින්ගෙන්  සමන්විත ඉහළ පෙළේ ව්‍යාපාරික හා ආයෝජන නියෝජිත කණ්ඩායමක් ද ඔහු සමග ශ්‍රී ලංකා සංචාරයට එක්වෙයි.

මෙම වසරේදී මෙරටට පැමිණෙන පළමු රාජ්‍ය නායකයා වන්නේද පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles