Monday, September 23, 2024

ඉරානය පෙරටු කොටගෙන චීනය මැද පෙරදිග බලය ඇල්ලීමේ වැඩසටහනක

ඉරානය ප්‍රමුඛ කරගෙන මැද පෙරදිග කලාපය තුළ සිය බලය තහවුරැ කර ගැනීමේ වැඩසටහනක් චීනය විසින් දියත් කර ඇතැයි විදෙස් විශ්ලේෂකයන් අනාවරණය කර තිබේ.

ජියෝපොලිටිකා සංග්‍රහයට අනුව, චීනය විසින් මේ වනවිට ඉරානය සමග වන දේශපාලන සහ ආර්ථික සබදතා වර්ධනය කිරීම සදහා වසර 25 ක් පුරා දිවෙන ඩොලර් බිලියන 400 ක පමණ වටිනාකමින් යුත් ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.

මේ යටතේ ඉරානය චීනයේ එක්තීරයක් එක් මාවතක් වැඩසටහන යටතට ඇතුළත් කරගනු ලැබ ඇති අතර ඒ ඔස්සේ ඉරානය කේන්ද්‍ර කරගෙන මැද පෙරදිග කලාපයේ සිය බලය වර්ධනය කර ගැනීම චීනයේ අපේක්ෂාව වී ඇති බව පැවසේ.

රුසියාව ද අප්‍රකාශිතව මෙම වැඩපිළිවෙළට සහය පළකරන බවත්, ඇමරිකාව 2018 වසරේ සිට මැද පෙරදිග කලාපයේ සිය බලය පවත්වාගෙනයාම ලිහිල් කිරීම හරහා මෙම තත්වය වර්ධනය වෙමින් ඇති බවත් අදාළ විශ්ලේෂකයෝ වැඩිදුරටත් පෙන්වා දෙති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles