ඉලෝන් මස්ක් එක්ක කතා කරලා ටෙස්ලා කාර් ෆැක්ටරියක් ලංකාවට ගන්න පුළුවන් – සජිත්

0
452

ලොව අංක එකේ ධනවතා ලෙස සැලකෙන ඉලෝන් මස්ක් ගේ විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට අවස්ථාවක් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඉන්දියාවේ මෙම කර්මාන්ත ශාලාවක් ඇරඹීමට සැලසුම් කළද එය කරගැනීමට නොහැකිව ඇති නිසා ඉලොන් මස්ක් සමග සාකච්ඡා කර එම අවස්ථාව ලබා ගැනීමට අවස්ථාවක් ඇතැයිද ඒ මහතා පැවසීය.

තම පියා වන රණසිංහ පේ‍්‍රමදාස සිටියේ නම් එය සිදුකරන බවද ඇඟලුම් කර්මාන්තශාලා දෙසීයක් මෙරට තුළ ආරම්භ කළේ දෙකොන පත්තු වෙන විලක්කුවක් බවට රට පත්ව තිබියදී බවත් තව දුරටත් කියා සිටියේය.

පාර්ලිමේන්තු සභාව අමතමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පල කරන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here