Friday, September 20, 2024

ඉවතලන කාබන් පෑන් හා දත් බුරුසු පරිසරයට එකතු වීම වැළැක්වීමට විශේෂ බහාළුමක්

භාවිතයෙන් පසු ඉවත ලන හිස් කාබන් පෑන් හා දත් බුරුසු මගින් අපේ මෙරට පරිසරයට බරපතල හානියක් සිදු වී තිබෙනවා.

දිනකට අප රටේ පාසැල් පද්ධතියෙන් පමණක් හිස් කාබන් පෑන් බට කිලෝ ග්‍රෑම් 95- 100ත් අතර ප්‍රමාණයක් පරිසරයට මුදා හරින බවයි පරිසර අමාත්‍යාංශය නිවේදනය කළේ.

ශ්‍රී ලංකාවේ දෛනිකව භාවිතයෙන් පසු පරිසරයට බැහැර කරන කාබන් පෑන් හා දත් බුරුසු පරිසරයට එකතු වීම වැළැක්වීමේ අරමුණින් පරිසර අමාත්‍යාංශය විසින් නීතියක් නොව විනයක් නමින් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය

පරිසරයට බැහැර කරන කාබන් පෑනක් දිරාපත් වීමට වසර 450ක පමණ කාලයක් ගත වන බව පාරිසරික විද්‍යාඥයින් විසින් තහවුරු කරනු ලැබ ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ශ්‍රී ලංකාවේ දෛනිකව භාවිතයෙන් පසු පරිසරයට බැහැර කරන කාබන් පෑන් හා දත් බුරුසු පරිසරයට එකතු වීම වැළැක්වීමේ අරමුණින් පරිසර අමාත්‍යාංශය විසින් නීතියක් නොව විනයක් නමින් වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ඉවතලන කාබන් පෑන් හා දත්බුරුසු එකතු කිරීමේ විශේෂ බහාළුම් සියලු රාජ්‍ය ආයතනවලට ලබා දීමේ වැඩ සටහනක් මේ වනවිට ක්‍රියාත්මකයි.

ඒ ඒ ආයතන විසින් බැහැර කරන හිස් කාබන් පෑන් හා දත් බුරුසු මෙම බහාළුම්වලට දැමිය හැකි අතර එම බහාළුම් පිරී ගිය පසු INSEE සිමෙන්ති සමාගම විසින් ඒවා ලබා ගෙන විනාශ කරනු ලබනවා.

ඒ අනුව ඉවතලන කාබන් පෑන් හා දත්බුරුසු එකතු කිරීමේ විශේෂ බහාළුම් සියලු රාජ්‍ය ආයතනවලට ලබා දීමේ වැඩ සටහනක් මේ වනවිට ක්‍රියාත්මකය.

මෙම වැඩ සටහන යටතේ ඌව පළාතේ සියලුම රාජ්‍ය ආයතනවලට බහාලුම් 318ක් පිරිනැමීම පසුගියදා උළු පළාත් සබා කාර්යාලයේ දී සිදු කෙරිනි. එම අවස්ථාවට සූම් යෙදවුම මගින් සහභාගි වූ පරිසර අමාත්‍යවරයා ඉහත අදහස් පළ කරනු ලබයි.

මෙම ව්‍යාපෘතිය සඳහා රජයේ මුදල් රුපියලක්වත් වැය නොකරන අතර පුද්ගලික අංශය ඊට දායකත්වය සපයනවා.

දැනට වසරක් තුළ මෙවැනි බහාළුම් 3000ක් ආයතන වෙත බෙදා දී තිබෙන අතර ඉදිරි වසර තුළ පාසැල් සඳහා බහාළුම් 4000ක් හා රාජ්‍ය ආයතන සඳහා බහාළුම් 4000ක් වශයෙන් ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

කාබන් පෑනක් දිරාපත්වීමට වසර 450ක පමණ කාලයක් ගත වන අතර ඉන්පසු ඒවා ක්ෂුද්‍ර ප්ලාස්ටික් අණු බවට පත්ව ජලයට හා පසට එක් වෙනවා.ඉන්පසු අපේ ආහාරවලට හා පානීය ජලය මගින් ශරීර ගත වනවා.

මේ නිසා භාවිතයෙන් පසු කිසිදු කාබන් පෑනක් හෝ දත්බුරුසුවකින් අවිදිමත්ව බැහැර නොකරණ ලෙසත්, ඒවා විදිමත් පරිදි බහාළුමකට එකතුකර පසුව INSEE සිමෙන්ති සමාගම මගින් විනාශ කිරීමට කටයුතු යොදා ඇති බවත් අමාත්‍යවරවයා සඳහන් කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles