Sunday, January 12, 2025

ඉස්ලාම් අන්තවාදය වැඩෙන්නේ ඉබෙි නෙවෙයි, අධිරාජ්‍යවාදයේ අනුග්‍රහයෙන් සහ අරමුදල්වලින් – වෛද්‍ය වසන්ත බණ්ඩාර

ඉස්ලාම් අන්තවාදය රික්තකයක් තුළ ඉබේ වැඩෙන එකක් නොවන බවත් අධිරාජ්‍යවාදීන්ගේ අනුග්‍රහය යටතේ ඔවුන්ගේ අරමුදල්වලින් වර්ධනය කරනු ලබන සහ ප්‍රචලිත කරනු ලබන මතවාදයක් බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි. ඔහු මේ අදහස් පළ කළේ පකිස්තානය,වහබ්වාදය සහ ප්‍රියන්තලා මැයෙන් සූම් තාක්ෂණයෙන් පැවති සංවාදයකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වසන්ත බණ්ඩාර මහතා මෙසේද පැවසීය.

”ලෝකය පුරාම ඉස්ලාම් අන්තවාදය කියන මේ මතවාදය හොද දඩයම් බල්ලෙක් ඇමෙරිකාවට. ඊට වඩා හොද දඩයම් බල්ලෙක් ඔවුන්ට නිෂ්පාදනය කරගන්න බැරි වෙලා තියෙනවා. වහබ් කියන පූජකයා බ්‍රිතාන්‍ය යේ ඔත්තු සේවා සොයාගන්නේ ඉරාකයේ බ්‍රස්නා නුවරදි. මොහු සොයා ගනු ලබන්නේම ඉස්ලාම් ආගමික අන්තවාදය ප්‍රචලිත කරන්න. ඉන්පසුව ඔහු යොදාගන්නවා ඒ කලාපයම අස්ථාවර කරන්න. 

ප්‍රියන්තලා මරා දමන මේ වගේ අන්තවාදීන් මේ මොහොතෙත් දහස් ගණනින් පකිස්තානයේ මද්‍රසා පාසල්වලින් පිටවෙනවා. අපේ රටෙත් මද්‍රසා පාසල් 600කට වැඩිය තියෙනවා. ඒ නිසා මේ මොහොතේ විතරක් මේක හෙලා දැක්කා කියලා මේක විසදෙන්නේ නැහැ. ඉදිරියේදී ඇෆ්ගනිස්ථානයේ සබදතා සමග කලාපයටම බරපතළ තර්ජනයක් වෙන්න නියමිතයි. අපි දැක්කා පකිස්ථානයේ ආරක්ෂක ඇමතිවරයා මේ අන්තවාදීන් වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කරපු හැටි. ඒකෙන් පේනවා ඔහු මේ අන්තවාදී කල්ලි කණ්ඩායම්වලට කොයි තරම් ගොදුරු වෙලාද කියලා. 

දේශීය වශයෙන් ගත්තොත් අපේ රටේ අන්තවාදී කල්ලි දේශපාලන කේවල් කිරීමේ බලය ලබාගන්නේ යම් ඡන්ද ප්‍රමාණයක් පෙන්නලා දේශපාලන පක්ෂ යටත් කර ගැනීම මගින්. ඔවුන්ගේ මේ රටවල් යටත් කර ගැනීමේ සිහිනය බිද වදවට්ටන්න ඕන. ඒක කරන්න පුළුවන් මේ රටේ ජනතාවට සහ දේශපාලන් පක්ෂ වලට. අපි දන්නවාලංකාවේ මෙවැනි අන්තවාදීන් උඩට ගෙනාවේ කවුද කියලා. ඔවුන්ට විල්පත්තුවේ කැලෑ කපන්න ඉඩදීලා, පකිස්ථානයෙන් අන්තවාදී පිරිස් ගෙනල්ලා පදිංචි කරලා. දේශපාලන බලයක් හදලා දුන්නේ කවුද කියලා මේ රටම දන්නවා. 

මේ ප්‍රවණතාවය වළක්වාලීමට නම් සිදුකළ යුත්තේ මේ අන්තවාදය ප්‍රචලිත කිරීම සහ වැළැක්විය යුතුයැයි කියා ජනාධිපති තුමන්  විසින්ම යෝජනා කළ අමාත්‍ය මණ්ඩල පත්‍රකාවේ තියෙන යෝජනා සියල්ල ක්‍රියාත්මක කළ යුතුයි කියන බලපෑම සමාජයෙන් උඩට ගත යුතුයි. ඉස්ලාම් අන්තවාදීන්ට උඩගෙඩි දෙන පිරිස්වලට බලයට  එන්න වෙන්නේ නැහැ කියන මතවාදය සමාජයෙන් ආ යුතුයි. එහම සිහින දකින අයට මේ රටේ කිසිදු විදියකින් බලයට ඒමට ඉඩ නොතැබිය යුතුයි. එහෙම වුණොත් පමණයි අන්තවාදයෙන් යම් පමණකට හෝ මේ රට බේරාගැනීමට හැකිවෙන්නේ.”  යැයි පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles