ඉස්සෙල්ලා බඩු හංගනවා! ඊළඟට හමුදාවත් එක්ක කඩා පනිනවා! ඊට පස්සේ බඩු මිල වැඩි කරනවා! මේක තමයි අලුත්ම මිල සූත්‍රය!

0
323

ආණ්ඩුව මේ වනවිට අලුත්ම බඩු මිල සූත්‍රයක් හදුන්වා දී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සදහන් කළේය.

ඒ මහතා පෙන්වා දුන්නේ මුලින්ම බඩු සගවා වෙළෙදපොළේ හිගයක් මතු කරන බවත්, ඉන් අනතුරුව පාරිභෝගික අධිකාරිය කඩා පනින බවත්, පසුව බඩු මිල වැඩි කිරීමට අවසර දෙන බවත්ය.

ඒ අනුව හෙට දිනයේ ගෑස්, කිරිපිටි, සිමෙන්ති ආදියේ මිල ඉහළ යෑමට නියමිත බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here