Sunday, September 22, 2024

ඉසුරගේ ඩබල් ගේම් – ළඟදිම මාට්‍ටු වෙන හැඩ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  විසින් බස්නාහිර පළාත් මහ ඇමැති ලෙස පත් කරන ලද පළාත් සභා මන්ත්‍රී ඉසුර දේවප්‍රිය එම තනතුර ලබාගෙන ඇත්තේ ජනාධිපතිවරයාව සහ එම පාර්ශ්වය ගොනාට අන්දවා බව මේ වන විට සාක්ෂි ඇතිව ඔප්පු වී තිබේ.

බස්නාහිර පළාත් සභාවේ හිටපු මහ ඇමැති ප්‍රසන්න රණතුංග‍ මහ මැතිවරණයට ඉදිරිපත් වී පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් වීමෙන් පුරප්පාඩු වූ මහ ඇමැති තනතුර සඳහා ඉසුර දේවප්‍රියව පත් කරන ලද්දේ ඒවන විට ඇමැතිධුරයන් හොබවනු ලැබූ ජේෂ්ඨ මන්ත්‍රීවරු කිහිපදෙනෙකුම පළාත් සභාව නියොජනය කරමින් තිබියදිය. ප්‍රසන්න රණතුංගගේ බලපෑම මත එම පළාත් සභාවේ එජනිස මන්ත්‍රීවරු බහුතරයක් මහින්දවාදීන්ව සිටි අතර ජනාධිපතිවරයාට විශ්වාසවන්ත පක්ෂපාත කිසිවකුත් ඒ අතර සිටියේ නැත. එම නිසා කනිෂ්ඨයකු වූ දේවප්‍රියට පරණ පිනක් ඔලුවේ කඩා වැ‍ටුනා සේ එම තනතුර ප්‍රධානය කරන ලද්දෙය. ඒ ඔහු මහින්දවාදියකු බව නොදැනය.

කෙසේ නමුත් මේවන විට ඉසුර දේවප්‍රියගේ ඩබල් ගේම් සියල්ල හෙළි වී තිබේ.

හිටපු මහ ඇමැතිවරයා උග්‍ර මහින්දවාදයකු වූ අතර එවකට ඔහුගේ සේවය වෙනුවෙන් කැපවී සිටි සේවකයන් වූ රියැදුරෙකු, යතුරු ලියන්නෙකු හා කාර්යාල කාර්ය සේවකයකු පලාත් සභාවට අනුයුක්ත කර වැ‍ටුප් ආදිය ගෙවීම සිදු කර තිබිණි. පසුව වැඩ බලන මහ ඇමැතිවරයාව සිටි ගාමිණි තිලකසිරි ලවා තව දුරටත් එම වැ‍ටුප් හා දීමනා පළාත් සභාව යටතේ ලබා ගැනීමට රණතුංග මහතා කළ ඉල්ලීම තිලකසිරි මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබිණි. එහෙත් ඉසුර දෙවප්‍රිය විසින් එම කටයුත කී සැනින් ඉ‍ටුකර දී තිබේ. අද ප්‍රසන්න රණතුංගගේ මෙම සේවකයන්ට වැ‍ටුප් ගෙවන්නේ පළාත් සභාවෙනි.

එමෙන්ම පලාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ සංවිධායක ලෙස හෙක්ටර් බෙත්මගේ පත් කිරීමට ශ්‍රීලනීපය ගත් තීන්දුව පසෙකලා දේවප්‍රිය විසින් පත් කරනු ලැබුවේ ගම්පහ ගුණසිරි ජයනාත්වය. එම පත් කිරීමෙන් දින දෙකකට පසු ජයනාත් තම නිවසට, තම ඇත්ත ස්වාමියාවන මහින්ද රාජපක්ෂව ගෙන්වා ඉහළම ආකාරයේ භෝජන සංග්‍රහයක්ද පැවැත්වීය. එලෙසම පළාත් සභාවේ ගිණුම් කාරක සභාවේ සභපතිවරයා ලෙස දෙවප්‍රිය විසින් පත් කරන ලද ගම්පහ මෙරිල් පෙරේරා පසුගියදා මහින්ද රාජපක්ෂගේ දීර්ග ජපන් සංචාරයටද සහභාගී වී සිටියේය. මෛත්‍රීපාල සිරිසේන මහතාව දිගින් දිගටම විවෙච්නය කළ මොර‍ටුව හිටපු නගරාධිපති සමන්ලාල් ගේ එම තනතුරු අත් හි‍ටුවා ශ්‍රීලනීපය දෙකඩ කිරීමට උත්සහ ගන්නා රාජපක්ෂ්වරුන්ට සහය නොදෙන අයෙකුට එම ධුරය ලබා දෙන ලෙස ජනධිපතිවරයා ගේ පාර්ශවයෙන් වූ ඉල්ලිමද දෙවප්‍රිය නොසලකා හැර තිබේ. එමෙන්ම ඉසුර දෙවප්‍රිය, සමන්ලාල් තවත් උග්‍ර මහින්දවාදියකු වන ධනසිරි අමරතුංග හා නිතරම සමාගමයෙහි යෙදෙන බවද මේ වන විට හෙළිව තිබේ.

මේ අතර ගිය සතියේදී බත්තර මුල්ල බුද්ධදාස ක්‍රීඩාංගණය අසල පිහිටි දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්‌නායක නිළමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර ගේ නිවසේ පැවැති භොජන සංග්‍රහයකට දේවප්‍රිය පැමිණ තිබෙන අතර මෙහි ප්‍රධාන ආරාධිතයා වූයේ මහින්ද රාජපක්ෂය. එහිදී මහින්ද රාජපක්ෂ , දේවප්‍රිය ට පවසා තිබුනේ ඒ දිනවල උපාලි කොඩිකාරගේ කේලම් අහලා තමන් විසින් දේවප්‍රිය ව නොසලා හැරිය බවත් ඒ ගැන කණගා‍ටුවට පත්වන බවත්ය. මේ වන විට දේවප්‍රිය මහතා තමන්ට හිත්වත්ව මහ ඇමැති තනතුරෙහි කටයුතුද දෙපැත්ත බේරගෙන ඉතා හොඳින් කරගෙන යන බවට සහතිකයක්ද රාජපක්ෂ විසින් දේවප්‍රියට ලබා දී තිබේ. තමන් නියත වශයෙන්ම මීළඟ මහ මැතිවරණ‍යෙන් ආණ්ඩු බලය ලබා ගන්නා බවද ඉේ පසුව දෙවප්‍රිය මහතා ගැන විශේෂයෙන් සලකා බලන බවද පොරොන්දු වී තිබේ.

කෙසේ නමුත් මේවන විට දේවප්‍රිය ගේ ඩබල් ගේම් සියල්ල හෙලි දරව් වී ඇති අතර මහින්ද රාජපක්ෂගේ ආණ්ඩු සිහිනයේ වෙලී සිටින දේවප්‍රියට තියෙන තනතුරුත් මහ දවාලේම ගැලවී යන ලකුණු පහලව තිබේ. www.lankadaily.com

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles