ඉහලම ආදායම්ලාභීගේ සහ ව්‍යාපාරිකයිගේ බදු අඩු කරීමෙන් කෝටි 16 000 ආණ්ඩුව අහිමිකර ගනියි.

0
272

වර්තමාන ජනාධිපතිවරයා බලයට පත්වීමත් සමඟ රටේ ඉහලම ආදායම් ලබන ව්‍යාපාර සහ පුද්ගලයින්ගෙන් අයකර ගන්නා බදු කපා හැරීම තුළ පසුගිය වසරේදී ආදායම් බදු අහිමිවීම රුපියල් කෝටි 16,000ක් වී තිබෙන බව හෙළිවේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 වාර්ෂික වාර්තාවෙන් මෙම තොරතුරු ඇතුලත්ය.

“ආදායම් බදු මගින් ලද ආදායම නාමික වශයෙන් 2019 වසරේදී පැවති රුපියල් බිලියන 427.7 සිට 2020 වසරේදී රුපියල් බිලියන 268.2 දක්වා සීයයට 37.3%කින් පහළ ගිය අතර” යනුවෙන් එම වාර්තාවේ දැක්වේ.

රටේ ඉහලම ආදායම් ලබන පුද්ගලයන්ගෙන් අයකර ගන්නා ඍජු බද්දක් වන ආදායම් බදු කපා හැරීමෙන් මේ ලෙස කෝටි 16,000ක් පසුගිය වසරේදී පමණක් රජයේ ආදායමෙන් අහිමිකර ගෙන ඇත.

රජය ලබා ගන්නා ආදායම් බදු පැවති ආකාරයටම තිබුණේ නම්, කොවිඩ් වසංගතය හමුවේ දෛනික ආදායම් උපයන සියලුම ජනතාවට අති විශාල මූල්‍ය ආධාරයක් ලබාදිය හැකිව තිබිණි. එහෙත් ආණ්ඩුව සඳහන් කරන්නේ කොවිඩ් වසංගතය පාලනය කිරීමට රට වසා දැමීමෙන් දෛනික ආදායම් ලබන විශාල පිරිසකට අනර්ථයක් සිදුවන බවය. ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති නිසා මෙම ජනතාවට සහන දීමේ හැකියාව අහිමිකර ගෙන ඇති බව පෙනේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here