Wednesday, December 25, 2024

ඉහළයන ජීවන වියදම දරාගන්න බැරිව මිනිස්සු ළගදීම ආණ්ඩුවට එරෙහිව නැගිටිනවා – මුජිබර් රහුමාන්

දිනෙන් දින ඉහලයන ජීවන වියදම දරාගත නොහැකිව ඉදිරි කාලය තුල ආණ්ඩුවට එරෙහි දැවැන්ත මහජන විරෝධතා ගොඩනැගෙන තත්වයක් උද්ගතව ඇති බව සමගි ජන බලවේගය පවසනවා. මිල පාලනයට බව පවසමින් ආණ්ඩුව ගන්නා වැරදි තීන්දු හමුවේ මහජනතාව දිනෙන් දින පීඩාවට පත්වන තත්වයක් නිර්මාණයවී ඇති බවයි විපක්ෂනායක කාර්යාලයේ අද (26) පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රි මුජුබර් රහුමාන් මහතා පෙන්වා දුන්නේ.

භාණ්ඩ මිල පාලනය සදහා නිකුත් කළ එක ගැසට් පත්‍රයක් හෝ මාස දෙකක කාළයක් නිවැරදිව ක්‍රියාත්මක කරන ලෙස මුජුබර් රහුමාන් මහතා මෙහිදී ආණ්ඩුවට අභියෝග කර සිටියා.

විදෙස්ගත ලාංකිකයන් දිවයිනට පැමිණී පසුව ගුවන්තොටුපලේදී සිදුකරන නව PCR පරික්ෂණය සදහා මුදල් අයකිරීමේ ක්‍රියාවළියටද මුජුබර් රහුමාන් මහතා මෙහිදී දැඩි විවේචනයක් එල්ල කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles