ඉහළ ගිය අපනයන භෝග මිල ගණන් මෙන්න

0
355

කුරුඳු, ගම්මිරිස්, සාදික්කා, කරාබුනැටි, කෝපි ඇතුළු ප්‍රධාන අපනයන භෝග රැසක වෙළඳපොළේ මිල ගණන් ඉහළ ගොස් තිබේ.

දැනට වෙළඳපොළේ ගම්මිරිස් කිලෝවක මිල රුපියල් 900 දක්වා ඉහළ ගොස් ඇති අතර, එම මිල පසුගිය කාලසීමාව තුළ පැවතුණේ රුපියල් 500ක් ලෙසයි.

කුරුඳු කිලෝවක මිල ද රුපියල් 3,400 දක්වා ඉහළ ගොස් තිබේ.

කරාබුනැටි කිලෝවක මිල ද රුපියල් 1,400 දක්වා සහ සාදික්කා කිලෝවක මිල රුපියල් දහස දක්වා ඉහළ ගොස් ඇති බවයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කෝපි කිලෝග්‍රෑමයක මිලද රුපියල් 1,250 දක්වා ඉහළ ගොස් තිබේ.

පුවක් කිලෝවක මිලද රුපියල් දහස දක්වා ඉහළ ගොස් ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

රට තුළ ඩොලර් හිඟ වී ඇති අවස්ථාවක මේ වසරේ සැප්තැම්බර් මස 30 වැනි දා වනවිට පමණක් කුළුබඩු අපනයනය කිරීමෙන් ඇමරිකන් ඩොලර් මිලියන 350ක ආදායමක් ලැබී ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here