ඊමෙිල් පණිවිඩයේ ලොතරැයි දිනුමෙි තිබුණු කෝටි 60 ක දිනුම

0
361

ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ 55 හැවිරිදි ලෝරා ස්පියර්ස් දින කිහිපයකට පෙර මෙගා මිලියන්ස් නමැති ලොතරැයි ටිකට් පතක් මිලදීගෙන තිබුණේ online ක්‍රමයටය. පසුව ඇයට මෙම ලොතරැයිය ගැන අමතකව ගොස් තිබිණි.ඇය වෙනත් පාර්ශ්වයකින් තමාට ලැබුණු ඊමේල් පණිවුඩයක් සොයා ගැනීමට නොහැකි වූ තැන ස්පෑම් (Spam) ෆෝල්ඩරයේ පරීක්‍ෂා කළාය.

“ඒ වෙලාවෙ මම දැක්කා ලොතරැයි ආයතනයෙන් ආපු ඊමේල් එකක් මේ ස්පෑම් එකේ තියෙනවා. මම ඒක විවෘත කරල බැලුවා. මට ලොතරැයි දිනුමක් හිමි වී ඇති බව එහි සටහන් වෙලා තියෙනව දැක්කා. ඒකෙ තිබුණු විස්තරය කියෙව්වම මට අදහගන්න බැරි වුණා. ඒ පාර මම ඉක්මනට ලොතරැයියේ නිල ගිණුමත් පරීක්‍ෂා කරල බැලුවා. ඒක දැකලා මම මහත් පුදුමයට පත් වුණා”.

ලෝරාට ඇමරිකානු ඩොලර් ලක්‍ෂ 30 ක විශාල දිනුමක් හිමිව තිබිණි. එය ලංකා රුපියල්වලින් කෝටි 60 කට ආසන්න මුදලකි.

මින් ඉදිරියට සිය විද්‍යුත් තැපෑල පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම⁣ට අපේක්ෂා කරන බව ඇයි පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here