Friday, September 20, 2024

ඊයේ කොවිඩ් මරණයක් හෝ වාර්තා නොවුණු සුබ දිනකි….

මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 1742ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිවේදනය කර තිබෙනවා.

ඒ,තවත් කොවිඩ් ආසාදිත මරණ 46ක් තහවුරු කිරීමත් සමගයි.

ඊයේ (06) දිනයේ කොවිඩ් මරණ කිසිවක් වාර්තා වී නොමැති බවද එම නිවේදනයේ සඳහන්.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 1,055ක් ඊයේ (06) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා

ඒ අනුව අද දිනයේ වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 2,976ක් දක්වා ඉහළ ගියා.

මේ වන විට කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 205,333ක්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles