ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ් ආසාධිත මරණවල තරමක පහළයාමක් ඊයේ දිනයේදී දක්නට ලැබුණා.
ඊයේ මෙරටින් කොවිඩ් ආසාධිත මරණ 192 ක් තහවුරු කෙරුණු අතර මේ අනුව ශ්‍රී ලංකාවේ මුලු කොවිඩ් මරණ ගණන 8775 දක්වා ඉහළ ගියා.
ඊයේ තහවුරු කල මරණ අතුරින් 156 ක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර මරණ 36 ක් වයස අවුරුදු 30 ත් 59 ත් අතර අය වනවා.
ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාධිතයන් ගණන 4612 ක්.
මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 426169 ක් බවට පත්වුණා.
දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 59 796 ක්.
මේ අතර මෙරට ආසාධිතයන් අතුරින් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව තුන් ලක්ෂ 57 598 දක්වා ඉහළ ගියා.