Wednesday, September 25, 2024

ඊයේ කොවිඩි මරණ 55ක් සමග මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 13,000 සීමාව ඉක්මවයි

මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව අද (02) දිනයේ 13,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ ඊයේ (01) දිනයේ සිදුවු කොවිඩ් මරණ 55ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමඟය.

අද වන විට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,019 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම කොවිඩ් මරණ 55න් 17 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 38දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 38 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ට අඩු කාන්තාවන් දෙදෙනෙකු ද සිටින බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

එමෙන්ම මියගිය පුද්ගලයින්ගෙන් 15 දෙනෙක් අවුරුදු 30-59ක් අතර පුද්ගලයින්ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles