Tuesday, September 24, 2024

ඊයේ දිනයටත් ආසාදිතයන් සංඛ්‍යාව 1000 පනී

කොවිඩ් ආසාදිතයන් 1082 ක් ඊයේ ‍(31) වාර්තා වීමත් සමඟ සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 612,241 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මාස හතරකට පසුව ආසාදිතයන් සංඛ්‍යාව 1000 ඉක්මවීම පෙරේදා (30) සිදු වූ අතර පසුගිය දින 7 තුළදී පමණක් ආසාදිතයන් 7000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,441 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ආසාදිතයන්ගේ වාර්තා වීම ඉහළ යෑමත් සමඟ ඉදිරි කාලයේදී මරණ සංඛ්‍යාව ද ඉහළ යෑමේ අවදානමක් පවතින බවත් මරණ සංඛ්‍යාව අවම කර ගැනීම සඳහා බූස්ටර් එන්නත ගැනීම වැදගත් බවත් සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles