ඊයේ දුම්රිය වැඩවර්ජනය නිසා සිදුවූ පාඩුව ලක්ෂ 70 ක්

0
322

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් ඊයේ (13) දිනයේදී පමණක් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ හැත්තෑවකට ආසන්න මුදලක් පාඩු වී ඇතැයි තක්සේරු කළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවැසීය.

මගී ජනතාවද අපහසුවට පත් කරමින් මේ අයුරින් එකවරම වැඩ වර්ජනය කිරීම කිසිසේත්ම සදාචාරසම්පන්න ක්‍රියාවක් නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවැසීය.

ස්ථානාධිපතිවරු මේ සම්බන්ධයෙන් කිසිදු පූර්ව දැනුම් දීමක්වත් සිදු නොකළ බවත් වැඩ වර්ජනය දියත් කිරීමට පැය බාගයකට පමණ පෙර වෘත්තීය සමිති ඒ බව දැනුම් දුන් බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවැසීය.

පෙරේදා (12) වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් ආරම්භ කළ පැය 24 ක සංකේත වැඩ වර්ජනය හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවට පත්විය.

සාමාන්‍ය දුම්රිය කාලසටහන ක්‍රියාත්මක නොකිරීම, රාජ්‍ය අමාත්‍යවරයා ලබා දුන් නියෝගයන් ක්‍රියාත්මක නො කිරීම,ආසන වෙන් කළ දුම්රිය නොදන්වා අත්තනෝමතික ලෙස අවලංගු කිරීම සහ දුම්රිය ධාවන කාර්ය මණ්ඩලය නිසිලෙස පරිපාලනය නොකිරීම ඇතුළු කරුණු කිහිපයක් පදනම් කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here