Friday, September 20, 2024

ඊයේ පැවති පහේ ශිෂ්‍යත්වයේ අක්‍රමිකතා කිහිපයක්. මුස්ලිම් ගුරුවරු මුස්ලිම් සිසුන්ට උත්තරත් කියලා දීලා කරලා

පසුගිය අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ 2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යයත්ව විභාගය කොවිඩ් වසංගතය හමුවේ අවස්ථා කිහිපයකදී කල්දැමුණු අතර එම විභාගය ඊයේ (22) පැවැත්වුණි.

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් අපේක්ෂකයන් 255,062ක්, දමිළ මාධ්‍ය අපේක්ෂකයන් 85,446ක් ඇතුළුව අපේක්ෂකයෝ 340,508ක් පෙනී සිටි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. විභාග මධ්‍යස්ථාන 2,943කදී සහ විශේෂ මධ්‍යස්ථාන 108කදී ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.

කෙසේ වුවද සමහර ප්‍රදේශවල ශිෂ්‍යයත්ව විභාග පැවැත්වූ මධ්‍යස්ථානවල ඇතැම් ප්‍රදේශවල දරුවන් විභාග ශාලාවලින් පිටතට පැමිණ තිබුණේ හඬා වැටෙමින් වූ  අතර දරුවන්ගේ චෝදනාව වූයේ ඔවුනට බරපතල අසාධාරණකම් සිදුවූ බවයි.

එම සිද්ධීන් අතර ගල්ගමුව යූ බී වන්නි නායක විද්‍යාලයේ විභාග මධ්‍යයස්ථානයේ පැවැති විභාග මධ්‍යයස්ථානයේදී විභාගයට ලියූ සිසු දැරියන් චෝදනා කළේ සමහර මුස්ලිම් ගුරුවරුන් මුස්ලිම් සිසුන්ට උත්තර පත්‍රය ලිවීමට උදව් කළ බවයි. ගල්ගමුව යූ බී වන්නිනායක විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයට ගල්ගමුව සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුන්ද අනුයුක්ත කර විභාගය පැවැත්වීමට කටයුතු යොදා තිබුණි. සිසුන් පවසන ආකාරයට සමහර ශාලවල සිසුන්ට එම සිසුන්ට උගන්වා ඇති ගුරුවරුන්ම විභාග පරීක්ෂකයන් ලෙස ලැබී ඇත. ඒ අනුව විභාග අක්‍රමිකතා රැසක් සිදුව ඇති බව වාර්තාවේ.

දෙවෙනි වාර්තාගත සිදුවීම වැලිමඩ අධ්‍යාපන කලාපයට අයත් විජය විද්‍යාලයේ පැවති විභාග මධ්‍යස්ථානයේ පළමු ප්‍රශ්න පත්‍රය නියමිත වේලාවට සිසුන් හට ලබානොදුන් නමුත් ප්‍රශ්න පත්‍රය නියමිත වේලාවට එකතු කිරීමට වග බලාගෙන තිබුණි.

ඒ හේතුවෙන් වැලිමඩ අධ්‍යාපන කලාපයට අයත් විජය විද්‍යාලයේ විභාග  මධ්‍යස්ථානයේ විභාගයට පිළිතුරු ලිවූ දරුවන් විභාගයට ප්‍රමාණවත් කාලයක් නොලැබුණු බව පවසමින් දරුවන් හඬාවැටෙමින් විභාග ශාලාවලින් පිටතට පැමිණි බව වාර්තාවේ.

මෙහිදී ඇතැම් දරුවන් පවසා සිටියේ පිළිතුරු ලියමින් සිටියදී ප්‍රශ්න පත්‍රය උදුරා ගත් බවත් අතිරේක කොළ ඉල්ලීමේදී විභාග පරීක්ෂකයන් බැන වැදුණු බවයි.

මේ හේතුවෙන් දෙවම්පියන් සාධාරණයක් ඉල්ලා වැලිමඩ බදුල්ල ප්‍රධාන මාර්ගය හරස් කරමින් විරෝධතාවයක ද නිරත වුණු අතර අසාධාරණයට ලක්වූ දරුවන් ගණන 150ක් පමණ වන බව දෙමව්පියෝ චෝදනා කරන බවද වාර්තාවේ.

දෙමව්පියන් විසින් වැලිමඩ කලාප අධ්‍යක්ෂ රෝහිත අමරදාස මහතා හමුවී සිද්ධිය පිළිබඳ සාකච්ඡා කිරීමට උත්සාහ ගෙන තිබුණත් ඔහු එය මඟහැර යාමට කටයුතු කළද පසුව කලාප අධ්‍යාපන කාර්යාලයට පැමිණි දෙවම්පියන්ට රෝහිත අමරදාස මහතා පවසා තිබුණේ සිද්ධිය සම්බන්ධයෙන් සොයාබලා පියවරක් ගන්නා බවයි.

තුන්වෙනි සිදුවීම ලෙස වාර්තා වන්නේ කළුතර නාගොඩ රාජකීය විද්‍යාලයේ පැවැති විභාග මධ්‍යස්ථානයේ දරුවන්ට ශිෂ්‍යයත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ලබා දීමේදී ප්‍රමාදයක් සිදුව ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles