ඊයේ මරණ 45යි.. රෝගීන් 1000ට බහී…..

0
441

ඊයේ සිදුවූ මරණ සංඛ්‍යාව 45ක් ලෙස වාර්තා වන අතර සමස්තය 3236 වන බව පැවසේ
එමෙන්ම පැවැති සෞඛ්‍ය සේවක වර්ජනය නිසා දිනකට පරික්ෂා කරන PCR සාම්පල් ප්‍රමාණය විශාල වශයෙන් අඩුවීම නිසා රෝගීන් අඩුවීමක් පෙන්වන්නේ යැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.

හෙට බස්නාහිර පළාතේ ඕනෑම අයෙකුට එන්නත් ලබාගතහැකි ස්ථාන කිහිපයක් යුද හමුදාපතිවරයා සඳහන් කළා.

බස්නාහිර පළාත තුළ වයස අවුරුදු 30 ට වැඩි ඕනෑම පුද්ගලයෙකුට හෙට සිට සතියේ ඕනෑම දිනක උදෑසන 8.30 ත් සවස 4.30 ත් අතර කාලය තුළ කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව හෝ දෙවැනි මාත්‍රාව නියමිත පරිදි ලබාගැනීමේ හැකියාව ලැබෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

මීට අමතරව බස්නාහිර පළාතෙන් පිට ස්ථාන කිහිපයකදී වයස අවුරුදු 60 ට වැඩි ඕනෑම අයකුට කොවිඩ් එන්නත් ලබාගැනීම සඳහා ද අවස්ථාව සළසා දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here