ඊයේ විරෝධතාවයට බාධා කිරීමි සමිබන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නැයි විපක්ෂය කථානායකගෙන් ඉල්ලයි

0
316

ඊයේ පැවැත්වූ විරෝධතාවට සහභාගීවීම සදහා පැමිණෙමින් සිටි ජනතාවට දිවයිනේ ප්‍රදේශ රැසකදී සිදු කළ බාධා කිරීම් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නැයි සමගි ජන බලවේගය අද පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළා.

පොලිසිය ඊයේ දින සිදුකළ ක්‍රියාව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වරප්‍රසාද කඩකිරීමක් බවයි සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් පෙන්වා දුන්නේ.

මෙම කරුණු පෙන්වාදීමෙන් අනතුරුව සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් විරෝධතා පුවරුද ප්‍රදර්ශනය කරමින් පාර්ලිමේන්තු සභා ඝර්භයේ විරෝධතාවකද නිරත වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here