ඊයේ සමස්ත කොරෝනා ආසාදිතයන් 740 ක් – පෙරේදා මරණ 27 ක්

0
291

ඊයේ (25) දිනයේ නැවතත් දෛනික කොරෝනා ආසාදිතයන් 700 සීමාව ඉක්මවා ගියා.

ඒ අනුව ඊයේ දිනයේ ආසාදිතයන් 740 ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණා.

ඊයේ දේශීයව ආසාදිතයන් 734 ක් හඳුනාගත් අතර විදෙස් රටවල සිට පැමිණි 6 දෙනෙකු පසුව කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබුණා.

මේ වන විට මෙරට සමස්ත ආසාදිතයන් 560,345 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 528,400 ක් වන අතර දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 17,713 ක් වනවා.

පසුගිය 24 වන දා කොරෝනා මරණ 27 ක් වාර්තා වූ අතර ඒ සමඟින් මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,232 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here