ඊයේ (26) දිනයේ නැවතත් දෛනික කොරෝනා ආසාදිතයන් 700 සීමාව ඉක්මවා ගියා.
ඒ අනුව ඊයේ දිනයේ ආසාදිතයන් 714 ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණා.
ඊයේ දේශීයව ආසාදිතයන් 714 ක් හඳුනාගත් අතර විදෙස් රටවල සිට පැමිණි කිසිවෙකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබුණේ නැහැ.
මේ වන විට මෙරට සමස්ත ආසාදිතයන් 561,059 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 528,806 ක් වන අතර දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 17,995 ක් වනවා.
පසුගිය 25 වන දා කොරෝනා මරණ 26 ක් වාර්තා වූ අතර ඒ සමඟින් මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,258 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ㅤ