ඊයේ සිට සෙස් කරාට බඩු වැඩිවෙන්නෑ!

0
470
ranjith

සංශෝධන කළ සෙස් බද්ධ ඊයේ සිට ක්‍රියාත්මක බව රජය පවසනවා. ඊට අදාළ නිවේදනය නිකුත් කර ඇත්තේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා විසින්. ඒ අනුව HS කේත 187ක් යටතේ ඇති භාණ්ඩ 637ක මිල ඉහළ යනු ඇති.

කෙසේවෙතත් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ නොයන බවයි නෙත් නිවුස් කළ විමසීමකදී රේගු මාධ්‍ය ප්‍රකාශක සුදන්ත ලියනගේ සහ අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න පැවසුවේ. 

එමෙන්ම අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නිවේදනයක් නිකුත් කරමින් බඩු මිල වැඩි නොවන බව දන්වා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here