ඊශ්‍රායලය ගෝලාන්හි ජනාවාස පිහිටුවීම අරඹයි

0
490

ඊශ්‍රායලය විසින් ගෝලාන් කඳුකර ප්‍රදේශයේ අත්පත් කරගත් ප්‍ර‍දේශවල ජනාවාස පිහිටුවීම දෙගුණ කරන බව නිවේදනය කර තිබෙනවා.

අගමැති නෆ්ටාලි බෙනට් සඳහන් කරන්නේ අමෙරිකාවෙන් ලැබුණු පිළිගැනීමත් සමඟ මෙම තීරණය ගත් බවයි.

ගෝලාන් කඳුකර ප්‍රදේශයේ විසි පන් දහසක් පමණ ඊශ්‍රායල ජනතාවක් වාසය කරන අතර ඊට අමතරව එහි මුල් පදිංචිකරුවන් වූ ‍ඩෲස් වාසීන් විසිතුන් දහසක් පමණ ද එහි ජීවත් වන බව සඳහන්.

ඊශ්‍රායලයට මෙම කඳුකර ප්‍රදේශයේ ඇති අයිතිය පිළිගනු ලැබූ ප්‍රථම රට අමෙරිකාව බවට‍ පත් වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here