ඊළාම් මතවාදය පරාජය කරනවා

0
781

රට තුළත් ඉන් පිටතත් තිබෙන ඊළාම් රාජ්‍යයක සිහිනය, එල්.ටී.ටී.ඊ මතවාදය පරාජය කිරීමට රටේ සියලු දෙනා එකතු කරගෙන කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (7) පැවැසීය.

පශ්චාත් යුද සමයේ ඇති කර යුතුව තිබූ සහෝදරත්වය, සමඟිය, සහජීවනය හා සාමය ඇති නොකළ බවත් දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් නොදුනහොත් උතුරේ තරුණයන් නැවත ආයුධ අතට ගනු ඇතැයි ද ජනපතිවරයා කීවේය.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම කරුණු කීවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අමාත්‍ය සී.වී ගුණරත්න මහතාගේ 16 වැනි ගුණ සමරුව දෙහිවල ගල්කිස්ස නරග ශාලාවේ පැවැති උත්සවයකදීය.

“අවුරුදු 27ක් උතුරේ ජනතාව කඳවුරුවල සිටියා. මම ඔබෙන් අසනවා ඔබට එසේ සිටින්නට පුළුවන් ද? ඒ නිසා අපි හැම කෙනෙක්ම අපේ ප්‍රශ්න වගේම අන් අයගේ ප්‍රශ්නත් තේරුම් ගත යුතුයි‘‘ යැයිද ජනපති කීවේය. LANKADEEPA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here