Tuesday, September 24, 2024

ඊ නිව්ස් සඳරුවන් අත්අඩංගුවට ගන්න බෑ – ඉන්ටපෝල්

ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර මහතා අත්අඩංගුවට ගැනීමට නොහැකි බව ජාත්‍යන්තර පොලීසිය පැවසූ බව රහස් පොලීසිය අද උසාවියට දැනුම් දුන්නේය.

ලංකා ඊ නිව්ස් කර්තෘවරයාට එරෙහිව පනවා තිබූ නඩුව අද අධිකරණයේදී කැඳවූ අවස්ථාවේ දී මේ පිළිබඳ අනාවරණය කෙරුණි. මෙම් පිළිබඳ වැඩිදුරටත් වාර්තා වූයේ, ලංකා ඊ නිව්ස් කර්තෘවරයාට එරෙහිව කිසිදු චෝදනා පත්‍රයක් නොමැතිව ඔහු අත්අඩංගුවට ගැනීමට හැකියාවක් නොමැති බව ජාත්‍යන්තර පොලීසිය දන්වා ඇති බවයි.

ලංකා ඊ නිව්ස් කර්තෘවරයා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා නොවැම්බර් 25 දින ගම්පහ ප්‍රධාන මහෙස්ත්‍රාත් කාවින්ධ්‍යා නානායක්කාර මහත්මිය විසින් ඉන්ටපෝල් වෙත (ජාත්‍යන්තර පොලීසියට) වරෙන්තුවක් නිකුත් කළ අතර ඊට ප්‍රතිචාරය ලෙස මෙම දැනුම්දීම කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles