උගත් – බුද්ධිමත් ක්‍රීඩකයින් අඩුවීම අපිට අභියෝගයක් – ඇමති නාමල්

0
330

අපට තියෙන ලොකුම අභියෝගය තමයි උගත්කමක් සහ බුද්ධියෙන් යුතු ක්‍රීඩකයෝ අවම වීම, අපිට තියෙන ලොකුම අභියෝගය ඒක.ක්‍රීඩාවෙන් ඉහළට යන්න නම් හොඳ අධ්‍යාපනයක් තිබිය යුතුයි.2022 එඩින්බරෝ ආදිපාද ජාත්‍යන්තර තිළිණ ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරධිතයා ලෙස සහභාගීවෙමින් තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන්වයිට් ශ්‍රවණාගාරයේ දී අමාත්‍යවරයා මේ බව පැවසීය.

ක්‍රීඩා අමාත්‍යවරයා දැක්වූ අදහස්,

රටක් ඉදිරියට යන්න නම් ඒ රටේ ක්‍රියාශීලී දරු පිරිසක් සිටිය යුතුමයි. ක්‍රියාශීලී පුරවැසියන් පිරිසක් බිහිවන්නේ එවිටයි. සිස්ටම් හදන එක අපට කරන්න පුළුවන් වුණත් මිනිසුන් හදන්නයි අපහසුයි. ගොඩනැගිලි කොයිතරම් ලොකුවට හැදුවත් ඒවා හරියට පාවිච්චි කරන මිනිසුන් හදන එකයි අමාරු කාරණාව. එදා සිංගප්පූරුව ලංකාව දිහා බලලා හදාගත්තේ ඒ රටේ ගොඩනැගිලි නෙවෙයි.රට ගොඩනගන්න උනන්දු වුණු කාලෝචිත ප්‍රතිපත්ති හඳුන්වාදීමට ක්‍රියා කළ මිනිසුන් දිහා බලලයි එදා ඒ අය දියුණු වුණේ. නමුත් අද ඔවුන් ඉන්න තැන බලලා අපි කල්පනා කරනවා අපට ඇයි තාමත් එතැනට යන්න බැරිවුණේ කියන කාරණය පිළිබඳව.

“අපට තියෙන ලොකුම අභියෝගය තමයි උගත්කමක් සහ බුද්ධියෙන් යුතු ක්‍රීඩකයෝ අවම වීම, අපිට තියෙන ලොකුම අභියෝගය ඒක, ක්‍රීඩාවෙන් ඉහළට යන්න නම් හොඳ අධ්‍යාපනයක් තිබිය යුතුයි, නූතන සමාජය තුළ අද ක්‍රීඩාව උපරිමයෙන් තාක්ෂණයත් එක්ක බද්ධ වෙලා යන්නේ කවුරුත් පිළිගන්න අකමැති ඇත්ත ඒක. ඔබේ ඉරියව් පිළිබඳව,ඔබ හදා ගතයුතු කාරණය පිළිබඳව මේ සියුලු දේවල් අද තාක්ෂණයත් එක්ක බද්ධ වෙලා තියෙන්නේ.පාසල් පොත පත එහෙමත් නැත්නම් අධ්‍යාපනය කියන කාරණය ඉතා වැදගත්, ඒක නිසා අධ්‍යාපනයටත් මුල් තැන දෙමින් ඔබ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වීමට උත්සහා කරන්න, අනාගත ලෝක කුසලාන හිමිකරුවන් වීමට පත් වෙන්න කියලා ඉල්ලමින් ඔබ සියලු දෙනාට මම සුබ පතනවා” යනුවෙන් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here