උඩරට දුම්රිය ප්‍රමාදයි – නාවලපිටිය පාලක මැදිරිය

0
431

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්න ප්‍රදේශයේදී විශාල ගසක් (01) රාත්‍රී   කඩා වැටීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

මේ හේතුවෙන් බදුල්ල කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය දෙමෝදර දුම්රිය ස්ථානයේ නවතා දමා තිබේ.

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය පවතින මාර්ග අවහිරතා හේතුවෙන් ප්‍රමාදවිය හැකි බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කරයි.