Tuesday, November 26, 2024

උඩරට විවාහ පනත සඳහා සංශෝධන

උඩරට විවාහ සහ දික්කසාද පනතේ අදාළ අනුකූලතාවයන් ඉවත් කොට ඒ සදහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සදහාත් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිඛෙනවා.

ඒ ඊයේ කැබිනට් මණ්ඩලය රැස්වූ අවස්ථාවේදීයි.

ඒ අනුව 1997 අංක 12 දරණ විවාහ ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත මගින් විවාහය ලියාපදිංචි කිරීමේ ආඥා පනතේ 22 වන වගන්තිය සංශෝධනය කර තිඛෙනවා.

ඒ අනුව බාල වසස්කරුවන්ගේ විවාහය සදහා දෙමාපිය කැමැත්ත අවශ්‍ය බවට නියම කර ඇති බව සදහන්.

ඊට අමතරව මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීම සදහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට මේ වන විටත් පියවර ගෙන තිඛෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles