Wednesday, September 25, 2024

උඩවලව වනෝද්‍යානයෙන් අලි පැටියෙකු
ඇල්ලූ බලවත්තු කවුද?

උඩවලව වනෝද්‍යානයේ සිටින අලි පැටියෙකු එම පැටවාගේ මවගෙන් වෙන් කර ඊයේ (10) රාත්‍රීයේ දී එක්තරා පිරිසක් විසින් අල්ලා ගෙන තිබේ.


අලියා අල්ලා ඇත්තේ නිර්විදන එන්නත් විදීම මගිනි.මෙහිදී මව් ඇතින්න මරා දමන්නට ඇතැයි සැකයක් ද ඇතැම් වනජීවී නිලධාරින්ට මතුව තිබේ.


නිර්වින්දනය කිරීමෙන් පසු අලි පැටවා පනාටුව විදුලි කුටිය අසලට සැකකරුවන් විසින් රැගෙන විත් ඇත.ඒ සුපිරි ජිප් රථයක පටවා අලියා කොළඹ රැගෙන ඒම සඳහා යැයි ද වනජීවී පිරිස් සැක කරති.


මෙහිදී ලද ඔත්තුවක් අනුව එම ස්ථානයට වනජීවීය හා හමුදාවේ පිරිසක් පැමිණ ඇත.එම අවස්ථාව වනවිටත් ආදාළ සැකකරුවන් එම ස්ථානයේ සිටි බවට තතු දත්තෝ පවසති.


එහෙත් මෙහිදී අත්අඩංගුවට පත්ව ඇත්තේ අලි පැටවා පමණි.බලධාරින් පවසන්නේ එම සැකකරුවන්පැන ගිය බව ය.
දිගින් දිගටම මෙවැනි ජාවාරම් සිදුවෙන බව අප පෙන්වා දුන්න ද තවමත් නීතිය තිබෙන්නේ මර නින්දක ය.හමුදා වනජීවී හා පොලිස් මාර්ග බාධක යොදා මෙම සැකකරුවන් ඇල්ලීය හැකිව තිබුන ද එය සිදු නොවුයේ ද ඇයි ද යන්න ද බරපතල ගැටළුවකි.එ සඳහා කාගේ හෝ අණක් බලපෑවේ ද යන සැකයක් ද පැන නැගි තිබේ.

නීතිවිරෝධීව ළඟ තබාගත් අලි ඇතුන් සම්බන්ධයෙන් නීති අංශ ලිහිල් පිළිවෙළක් පිළිවෙතක් අනුගමනය කරන සමයක දී මෙම ජාවාරමට වහාම තිත තැබීමට නීතිය කරවන බලධාරීන් අසමත් වුවහොත් එය මෙරට වන අලින්ගේ පැවැත්මට බලවත් තර්ජනයක් වනු ඇති බවටයි පරිසරවේදී නයනක රන්වැල්ල අනතුරු අඟවන්නේ.

මෙවන් ග්‍රාමීය ප්‍රදේශයක මේ ආකාරයට මෙම ජාවාරමට සම්බන්ධ පිරිස් නිදහසේ පලා යාම පිළිබඳව පරිසරවෙිදී ඔහු විමතිය පළ කරනවා.

ඔහු කියා සිටින්නේ මෙම වැටලීමේදී සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් එම ස්ථානයෙන් පළා ගොස් ඇති බවයි.

නැවතත් පසුගිය සමයේ මෙන් අලි පැටවුන් අල්ලා අලෙවි කිරීමෙ ජාවාරම ක්‍රමයෙන් හිස ඔසවන බවයි ඔහු කියා සිටින්නේ.

වර්ෂ 2010 ත් 2015 අතර කාලසීමාව තුළදී වනාන්තර වල සිටින අලි පැටවුන් ඇතැම් අවස්ථාවලදී ඔවුන්ගේ මව් ඇතින්නියන් මරා දමා හෝ නිර්වින්දනය කර පැහැරගත් සිදුවීම් රාශියක් පිළිබඳව වාර්තා වුණා නමුත් එම කිසිදු අවස්ථාවක් නීතිය ඉදිරියට ගෙන ඒමට පොලිසිය හෝ වනජීවී දෙපාර්තමේන්තුවට හැකියාවක් ලැබුනේ නැහැ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles