Sunday, September 22, 2024

උතුරේ ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන්ට පළාත් සභා මන්ත්‍රීවරු හරස් වෙයි..

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතා සහ උතුරු පළාත් සභා මන්තී‍්‍රවරුන් අතර වවුනියාවේ පැවති දිස්ති‍්‍රක් ලේකම් කාර්යාල රැස්වීම උණුසුම් මුහුණූවරක් ගෙන තිබෙනවා. එ් විග්නේෂ්වරන් මහතාට එරෙහිව පළාත් සභා මන්ති‍්‍රවරුන් පිරිසක් දිගින් දිගටම අදහස් පළ කිරීම හේතුවෙන්.

වවුනියාව තාන්ඩිකුලම් ප‍්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත ආර්ථික මධ්‍යස්ථානයට සුදුසු ඉඩමක් තෝරා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී ගැටලූ පැන නැගී තිබූ බවයි වාර්තාකරු පැවසුවේ.

එහිදී ප‍්‍රධාන අමාත්‍යවරයා ප‍්‍රකාශ කර ඇත්තේ ගැටලූව සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බවයි. එය ඉදිරි සතියේදී ප‍්‍රකාශයට පත් කරන බව සාකච්ඡාවට එක් වූ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා ප‍්‍රකාශ කිරීමත් සමග ගැටලූව සමථයකට පත් වුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles