උත්සව සමයට අඩු ආදායම්ලාභීන්ට රුපියල් 5000ක දීමනාවක්

0
538

කොවිඩ් -19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් සමෘද්ධිලාභින් සහ අඩු ආදායම්ලාභි පවුල් සඳහා සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රුපියල් 5,000ක දීමනාවක් ලබාදීමට රජය තීරණයකර තිබේ.

සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර  මූල්‍ය, ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සිදුකළ ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි එම දීමනාව ලබාදීමට කටයුතු කෙරෙනු ඇති බවය.

ඒ අනුව ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් හඳුනාගත් පවුල් වෙනුවෙන් මෙම දීමනාව ලබාදීමේ වැඩපිළිවෙල ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකාය සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාවට නැංවීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here