උත්සව සමයට ඇතිවෙන්න ගෑස්!

0
273

දෙසැම්බර් 01 වැනිදා සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් දෛනිකව වෙළෙඳපොළට මුදාහරින බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. 

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ, අද(28) සහ හෙට(29) දිනවල ගෘහස්ථ ගෑස් සිලින්ඩර 40,000 බැගින් නිකුත් කරන බවය.

අද දිනයේ ගෑස් නිකුත් කරන්නේ කර්මාන්ත ශාලා, ප්‍රධාන හෝටල් සහ අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. 

ගෑස් මෙට්‍රික් ටොන් 4,000ක තොගයක් රැගත් නෞකාවක් දෙසැම්බර් 30 වැනිදා දිවයිනට ළඟාවීමට නියමිත බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළ අතර ඒ අනුව උත්සව සමයට සරිලන පිරිදි ගෑස් ඇණවුම් කර ඇති බව ද ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් අවධාරණය කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here